පළාත් පාලන මැතිවරණයේදී නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත් කර ගන්නා ලද සභිකයෙකු විසින් එම නගර සභාවට තරග කර පරාජය වූ අපේක්ෂකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පහර දුන් සැකකරු අත්අඩංගුවට ගැනීමට අද(23) විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස පහරදීමෙන් තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එම නගර සභාවට තරග කර පරාජය වූ ලක්සිරි විමලරත්න නමැති අයෙකි.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ලක්සිරි විමලරත්න මහතා කියා සිටින්නේ නාවලපිටිය ගොන්දන්නාව කොට්ටාශසයට තරග කර පරාජය වූ බවයි.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා විසින් ඔහුගේ ඥාතියෙකු ලැයිස්තුවෙන් නාවලපිටිය නගර සභාවට සභිකයෙකු වශයෙන් පත් කර ඇති බවයි.
එම සභිකයා සහ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තේරී පත් වූ තවත් සභිකයෙකු ජාතික ජන බලවේලයට සහයෝගය දක්වා නාවලපිටිය නගර සභාවේ බලය ලබාදීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අද(23) අලුයම නාවලපිටිය නගරයේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ලැයිස්තුවෙන් තේරී පත් වූ උදිත ඉන්දික ගංහේවා තමන්ට පහර දුන් බවයි.
ලක්සිරි විමලරත්න මහතා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්.
මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඇති වූ බහින්බස්වීමක් මෙම ගැටුමට මුල්වී ඇති බවත් ජාතික ජන බලවේගයේ බලය පිහිටුවීමට සහගි ජන බලවේගයේ කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා පවත්වා නොමෙැති බවත් සසංක සම්පත් මහතා කියා සිටියා.