නිවසක් බිඳ රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීමේ අපරාධයකට අදාළ සැකකරුවන් පස් දෙනෙකු හා සැකකාරියක් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 18 වනදා නරාහේන්පිට පොලිසියට වාර්තා වී තිබූ දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශනයන් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(22) දින විමර්ශන නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 40ක් වන නාරාහේන්පිට පදිංචි සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 600ක් සහ සොරකම් කරන ලද රන් මාලයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදු කළ විමර්ශනයේදී දේපළ බැහැර කිරීම හා සොරබඩු සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් සිව් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනාකමින් යුත් අත්ඔරලෝසු තුනක්, ලක්ෂ 20ක් පමණ වටිනා සුදු රත්‍රං කරාඹු ජෝඩුවක් හා දියමන්ති මාලයක්, විලවුන් බෝතල් දෙකක් සැකකරුවන් සන්තකයේ තිබී පොපලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 19ත් 40ත් අතර වයස්වල සහ සැකකාරිය අවුරුදු 29ක් වන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවලින් කොටසක්ද රැගෙන ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











