නාරම්මල නගරය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(05) අලුයම නාරම්මල, කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරු පාලනයට කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් අනතුරක් සිදුව ඇති බවයි.
එලෙස ඇදී ගිය ලොරි රථය කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටී මෙම සිදුව තිබෙනවා.
අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙක් සහ ළමුන් දෙදෙනෙක් තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පුද්ගලයෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්, 80 සහ 82 යන වයස්වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.