දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා බලාත්මක ලෙසින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.