හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ස ඹහාත අද(28) දින උදෑසන මාදලිවයින බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු අද උදෑසන 7.30ට පමණ මාලදිවයිනේ මාලේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 101 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළන් පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිසද තුන් දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනේ මාලේ නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ මෙම ගුවන් යානයෙනි.
කෙසෙ ්වෙතත් නාමල් රාජපක්ස ඹහතා අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් වී ඇත්තේ අද දින දහවල් කාලයේ වන අතර ඒ වන විටත් ඔහු මාලේ නුවර බලා පිටත්ව ගොස් තිබුණා.
හම්බන්තොට මහේස්ත්‍රාතේ අධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.