තම රටේ න්‍යෂ්ටික බලශක්ති පහසුකම් වැඩි ශක්තියකින් යුතුව යළි ගොඩනංවන බව ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් පවසනවා.
ඒ, ඉරානය න්‍යෂ්ටික පහසුකම් යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් තවත් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති පසුබිමකයි.
න්‍යෂ්ටික බලාගාර සඳහා අවශ්‍ය වන සියයට 3. 67ක මට්ටමට වඩා වැඩි යුරේනියම් ප්‍රමාණයක් ඉරානය එක්රැස් කිරීම කිසිදු සාමකාමී අරමුණක් සඳහා යොදා ගැනීමක් නොවන බව බටහිර විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා.











