267 වන පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවටයි වාර්තා වන්නේ.
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.