තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශේණියේ තැපැල් සහායක තනතුරට 731 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
එම පිරිසට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට නියමිතයි.
ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
2021 වසරෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවට ස්ථීර තැපැල් සහායක බඳවා ගැනීම් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් පසුගිය වසර අවසානය වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක පුරප්පාඩු 1,982ක් නිර්මාණය වී තිබුණා.
මීට පිළියමක් ලෙස අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් දහසක් පිරවීම සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට පසුගිය අගෝස්තු 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













