නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීම සදහා මහජන අදහස් ලබා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් දින 14ක් ඇතුළත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට යොමුකළ හැකි බවයි සදහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ඡින්න කර ඒ වෙනුවට නව කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
නව පනතක් හදුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභීයෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නා වූ ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කෙරෙනවා.