නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ජූනි සහ ජූලි මාසවලට යෙදී ඇති මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3 ක් හා 20 යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශූරතාවලිය යටතට ද අයත් වනවා.
ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායම ජූනි 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.