නයිජීරියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
අදාළ අනතුර සිදුව ඇත්තේ නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අදාළ යාත්‍රාව අනතුරට ලක්වන විටත් එහි මගීන් 50කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන් එරට ජනප්‍රිය ආහාර නිෂ්පාදන වෙළඳපොළක් වන ගොරෝනියෝ වෙළඳපොළට ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගැනීමට එරට ජිවිතක්ෂක භටයින්ට හැකිව තිබෙනවා .
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බවයි.