
සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ”උදෑසන 10ට පාංශුකූල කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කර අනතුරුව පස්වරු 5ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතයි.














