ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළැඹෙන මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමගින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවයි සභාපතිවරයා සදහන් කලේ.
ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහාතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.