ධාවනයට නොසුදුසු තත්ත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇපමත මුදාහැර තිබෙනවා.
කිතුල්ගල සිට බගවන්තලාව ප්‍රදේශයට දර ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ එම ලොරි රථය අද(04) දින බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු යායකට දර ප්‍රවාහනය කර ආපසු කිතුල්ගල දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් රථය නවතා පරීක්ෂා කර බලා ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගැනුනු ලොරි රථය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ලොරි රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවයි ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.