වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවන වරට පෙනී සිටීමට නියමිතයි.
ඔහු පළමු වරට මෙම පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේ පසුගිය 19 වනදායි.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර ක්‍රියාවන් සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සදහායි රජය විසින් පසුගියදා මෙම කමිටුව පත් කරනු ලැබුවේ.