පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්රධාන දේශපාලන පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
මෙම සාකච්ඡාව ලබන 23 වනදා පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ .
මැතිවරණ කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්ෂ සමඟ විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත බවයි කොමිසම සඳහන් කලේ.