ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතු යායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුළ හඳුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා.
එම වතුයායේ වතු කම්කරුවන් 11 දින උදෑසන වැඩට යාමට ප්‍රථම දෙවියන් වැදීමට කෝවිලට ගිය අවස්ථාවේ දේව රූප අසළින් හඳුන් දිවියෙකු පැමිණ එම හඳුන් දිවියා කෝවිලේ සිවිලිම මත රැඳී සිටින බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.
10 වන දින රාත්‍රීයේ කෝවිලේ දොර විවෘත කර තිබූ අවස්ථාවේ තේ වත්තේ සැරි සැරූ හඳුන් දිවියා කෝවිල තුළට ඇතුළු වන්නට ඇති බවට සැකකෙරෙන අතර එම හඳුන් විදිවයා මුදාගැනීමට කටයුතු කරන ලෙසි නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දී ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.













