අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේදී දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම සිද්දිය සිදුව ඇති බවයි පොලිසිය සදහන් කලේ.
මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලුයම සොයා ගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචිව සිටී 36 හැවිරිදි පුද්ගලයෙක් .
සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර කාන්තාවන් තිදෙනෙකු ගෙලසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .





 


 





 
								