ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් ක්‍රියාකාරකම්වලට අදාළව වගකීම් පැවරී ඇති සියලු ආයතනවල ඉටු කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
ජාතික මෙහෙයුම් කමිටුව එම ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය වරින්වර සමාලෝචනය කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.
2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අනුබද්ධ ආයතන වල සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකදී ලේකම් වරයා මේ බව සදහන් කළා.
‘සුපිළිපන් දේශයක් කරා යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 09 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වනු ලැබුවා.
මෙම ජාතික මෙහෙයුම් කමිටුව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කමිටුවේ සභාපති ලෙසද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කමිටුවේ උප සභාපති සහ කැඳවුම්කරු ලෙසද කටයුතු කරනු ලබනවා.