දුරගමන් සේවාවල යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් රථ හැටන් පොලිසිය මගින් අද හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා.
මෙම පරික්ෂාවේදි බස් රථයේ අඩුපාඩු සහිතව බස් ධාවනය කළ ලංගම සහ පෞද්ගලික බස රථ රියදුරන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙන බවද සදහන් .
ඒ අතර, තවත් රියදුරන් පිරිසකට දැඩි ලෙස අවවාද කරනු ලැබූ බවයි හැටන් පොලිසිය පැවසුවේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැන්නවත්ත ප්‍රදේශයේදි මෙම බස් රථ පරික්ෂාව සිදු කළා.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයක් මත මෙම හදිසි පරික්ෂාව සිදු කර තිබෙනවා.