අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා.
කෙසේවෙතත් දුම්රිය ආසන වෙන කිරීමේ වේලාව කඩිමුඩියේ වෙනස් කිරීම පිළිබඳ තමන් විරෝදය පල කරන බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ .
මගීන් දැනුවත් කිරීමට කාලය නොතබා මේ ආකාරයෙන් වෙලාව වෙනස් කිරීම සිදු නොකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මැතිවරණ කාල සීමාවේ දී රජය අපහසුවට පත් කිරීමට වාණිජ අධිකාරීවරයා ඇතුළු වාණිජ අංශයේ නිලධාරීන් ගන්නා ක්රියාමාර්ගයන්ට විරෝධය පළ කර ක්ෂණික වෘත්තීය ක්රියාමාර්ගයකට එළැඹීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.