සති අන්ති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය සංචාරක හෝටල්, නවාතැන් පහසුකම් ලබාදෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරගෙන ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියා.
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය නාදගම සංගීත වැඩසටහන සඳතැන්න, නුවරඑළිය තුරඟ තරග පිටිය, නගර සභා ක්‍රීඩාංගණය සහ අඹේවේල යන ස්ථානවල පැවැත්වීමට කටයුතු කර ඇති බවද එම නිලධාරියා කියා සිටියා.
ඇතැම් සංචාරක පහසුකම් ලබාදෙන ස්ථානවල කාමර මිල ගණන්ද ඉහළ දමා බව නුවරඑළිය ප්‍රදේශවාසීන් කියා සිටියා.
සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට නුවරඑළිය පොලිස් කොට්ඨාසවලින් අමතර පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් නුවරඑළිය මූලස්ථානය පොලිසිය වෙත කැඳවා තිබෙනවා.
එසේම ඊට අමතරව දිවා රාත්‍රී දෙකේ රථ වාහන රාජකාරී සඳහා යතුරු පැදි කිහිපයක්ද යොදවන බවයි නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.