ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙම නායයාමේ රතු නිවේදන හෙට(14) පස්වරු 4 දක්වා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟඉහළකෝරළය, පාතදුම්බර, පන්විල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.
අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටින ලෙස දන්වා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස….
බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල, හපුතලේ, හාලිඇළ, කන්දෙකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, අකුරණ, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගේ කෝරළය, හතරලියැද්ද, කුණ්ඩසාලේ, උඩුනුවර.
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල, ගලිගමුව, වරකාපොල, මාවනැල්ල, රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට.
කුරුණෑගල දිස්ත්‍රික්කය
පොල්ගහවෙල, අලව්ව, මල්ලවපිටිය, මාවතගම.
මාතලේ දිස්ත්‍රික්කය
නාඋල, රත්තොට, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල, පල්ලේගම,
නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය, අඹගමුව කෝරළේ, තලවකැලේ, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට.
රත්නපුර දිස්ත්‍රික්කය
කහවත්ත, ගොඩකවෙල, කොළොන්න.
විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස….
කෑගල්ල දිස්ත්‍රික්කය
දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට.
රත්නපුර දිස්ත්‍රික්කය
කිරිඇල්ල, රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම, බලංගොඩ, කලවාන, ඉඹුල්පෙ, නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, කල්තොට.











