කනගරායම් කුලම් වැවට වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ කනගරායම්කුලම් වැවේ මසුන් අල්ලමින් සිටියදී මෙසේ දියට වැටී තිබෙනවා.
මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වි ඇත්තේ. කනගරායම්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.