පවතින වැසි තත්ත්වයත් සමග දැදුරු, මහ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානම් තත්ත්වයට ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මේ සම්බන්ධයෙන් එම ඔයවල් ආශ්රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවදානයෙන් සිටිය යුතු බවයි.
මේ අතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.