දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වූ අවස්ථාවේදී අගමැතිවරිය මේ බව සදහන් කළා.
මෙම ක්‍රියාවලිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා.
පාසල් තුළ ආගම විෂය උගන්වන ගුරුභවතුන්හට වෙනත් විෂයන් ඉගැන්වීමට සිදුවන අවස්ථා අවම කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
කාලපරිච්ඡේද 20ක් ආගම ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවට මෙහිදී යෝජනා වූ අතර, මේ වන විට අක්‍රීය වී ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














