ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ඉහළ පැමිණීමට සමත්ව තිබෙනවා.
විස්සයි විස්ස පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාර සිය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සමග 13 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ඉදිරියට ඒමටයි සමත්ව ඇත්තේ.
වනිදු හසරංග එහි 6 වැනි ස්ථානයෙහි පසුවනවා.
9 වැනි ස්ථානයෙහි පසුවූ මහීෂ් තීක්ෂණ මේ වන විට පසුවන්නේ 11 වැනි ස්ථානයෙයි.
එමෙන්ම විස්සයි විස්ස පිතිකරුවන් අතරින් පසුගිය තරගාවලිය තුළ ප්‍රගමණයක් පෙන්නුම් කළ එකම ක්‍රීඩකයා බවට පත් වූ දසුන් ශානක, පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පියවර 3ක් ඉදිරියට එමින් 75 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.