පොල්පිතිගම, කිරිබමුණේගම යාය ප්‍රදේශයේදී දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බවට පොලිසිය ලද තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
සෙම්බුකුලිය, කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10ක් වූ දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය ළමයා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බවයි සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පොල්පිතිගම පොලිසිය විසින් වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.














