හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද(02) උදෑසන ඒ මහතා මියයන විට 83 වන වියේ පසු වූවා.
එල්.ටි.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේදී මාතර ගොඩපිටිය ප්‍රදේශයේදී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව විජේසේකර මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරුව සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහින්ද විජේසේකර මහතා 2008 වර්ෂයේදී තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය දැරූ අතර 2001 – 2004 කාලයේදී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දරනු ලැබුවා.
විජේසේකර මහතා අවසන්වරට පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.
අවුරුදු 20කට අධික ඔහුගේ දේශපාලන කාලය තුළදී විවිධ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් රැසක් දරා තිබෙනවා.
මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ පියායි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පාලන සමයන්හිදී විවිධ අමාත්‍ය ධුරයන් දැරූ මහින්ද විජේසේකර මහතා දකුණ පළාත නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෙකි.














