දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද නිවේදනයේ සඳහන්.
එසේම ඉිදරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වන බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.














