දකුණු කොරියාවේ ග්වන්ජු සහ දකුණු ජෙඕලා ප්‍රාන්තවලට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අපදා රැසක් සිදුව තිබෙනවා.
කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ ග්වන්ජු කලාපයේ පමණක් ජලගැලීමේ 172 ක් සිදුව ඇති බවයි.
මෙම ජලගැලීම් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල දේපළ හානි ද සිදුව තිබෙනවා.
මේ අතර දකුණු ජෙඕලා හි මුආන් වෙත ඊයේ මිලිමීටර් 289 ඉක්ම වූ වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් එම කලාපය ද ජලයෙන් යට වුණා.
එහිදි පැයක් ඇතුළත මිලිමීටර් 142 ඉක්ම වූ වර්ෂාපතනයක් මුආන් වෙත ඇදහැලී ඇත්තේ වසර 200ක් ඇතුළත එම කලාපයෙන් වාර්තා වූ උපරිම වර්ෂාපතනය සටහන් කරමින් වීමද විශේෂත්වයක්.