ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පිහිටි ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කෙරුණා.
ඇදන් 640 ක්, ශල්‍යාගාර 6 ක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, ළමා රෝග ඒකකවලින් යුත් නවීන පහසුකම් සහිතව මෙම රෝහල ඉදිකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එමෙන්ම එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළා.