දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිගෙන තිබෙනවා.
දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේදී මෙම බස් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාකුඹුරේ සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ අධිසුඛෝපභෝගි බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් බස් රථය වටෙන් දැඩි දුමාරයක් නගිමින් පැවැති බවත් බස් රථයේ සිටින මගින් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින ආකාරයත් දක්නට ලැබෙනවා.
මෙම බස් රථය මාකුඹුර – ගාල්ල අතර ධාවනය වන බස් රථයක් බවත් බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවත් වාර්තා වනවා.