කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා.
ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීම උදෙසා මෙම සහනාධාර තේ පොහොර ලබාදීම සුදු කරනු ලබන්නේ.
මේ සදහා මණ්ඩලය විසින් රු. මිලියන 2,000 ක මුදලක් 2025 වර්ෂය සඳහා තේ ගොවීන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙරට තේ දලු නිෂ්පාදනය 75% ක් නිපදවන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් සැලසුම්කොට කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 ක පොහොර මිටියක් සඳහා රු. 2000.00 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ඇති
ඒ අනුව රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.
උණුසුම් පුවත්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
- දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය














