ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබාගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට නවතා දමා ඇතැයි වාර්තා වනවා.
බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ඇති බවත් යම් අත්‍යවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබාගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.