Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුර්කියේ මුදාගැනීම් කටයුතුවලට ශ්‍රි ලංකාවේ සහය – භූකම්පනයෙන් 3500ක් මරුට – 14 දහසකට තුවාල

    තුර්කියේ මුදාගැනීම් කටයුතුවලට ශ්‍රි ලංකාවේ සහය – භූකම්පනයෙන් 3500ක් මරුට – 14 දහසකට තුවාල

    2023-02-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    භූ කම්පන කිහිපයකින් බලපෑම් එල්ල වූ තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව ද ඉදිරිපත්ව තිබෙනවා.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතාගේ උපදෙස් අනුවයි.

    මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

    තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 3,500 ආසන්නයට පැමිණ තිබෙනවා.

    ගිනිකොනදිග තුර්කියේ සිරියාවේ දේශසීමා ආසන්නයේ ඊයේ හටගත් කම්පනය රිච්ටර් ඒකක 7.8 ක් ලෙස සටහන්ව තිබුනා.

    ඉන් විනාඩි 11ක් ගතවන මොහොතේ වාර්තා වූ පසු කම්පනය සටහන්ව ඇත්තේ ඒකක 6.7ක් ලෙසින්.

    සහන කටයුතු ක්‍රියාත්මක වන අතරතුර ඊයේ පස්වරු කාලයේද තුර්කියට තවත් ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වුනා.

    ඇමෙරිකානු භූ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ එය මාපාංක 7.5 ක් ලෙස සටහන්ව ඇති බවයි.

    ඊයේ දවස තුළ ගිනිකොන දිග සහ දකුණු තුර්කිය මෙන්ම උතුරුදිග සිරියාවේ කලාපවලින් පසු කම්පන 60ක් පමණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    භූ කම්පන හමුවේ තුර්කි සහ සිරියාවේ ප්‍රදේශ රැසක ගොඩනැගිලි කඩා වැටුනා.

    විනාශ වූ මහල් නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි සුන් බුන් අතර බොහෝ පිරිසක් සිරව ඇති බවයි වාර්තා වන්නේ.

    තවාල ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14 දහස ඉකමවා තිබෙනවා.

    සයිප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය ඇතුලු රටවල් රැසකට ඊයේ ඇති වූ භූ කම්පනය වාර්තා වී තිබුනා.

    තුර්කියේ සහ සිරියාවේ සහන කටයුතු සඳහා රටවල් රැසක් සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

    පවතින ආපදාව හමුවේ තුර්කිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ජනතාවට ජංගම දුරකථන භාවිතයෙන් වළකින ලෙසයි එරට රජය ඉල්ලා සිටින්නේ.

    ඒ මුදාගැනීමේ මෙහෙයුම්වල සන්නිවේදන කටයුතු සඳහා බාධා සිදුවීම වැළැක්වීම සඳහායි.

    මෙය 1939 වසරෙන් පසු තුර්කියට බලපෑ දරුණුතම විපත බව තුර්කි ජනාධිපති රිචෙප් අර්ඩොගන් පවසනවා.

    Sri Lanka's support to rescue operations in Turkey - 3500 dead in the earthquake - 14 thousand injured
    පෙර පුව​තජනපතිගේ රාජාසන කථාව වර්ජනය කිරීමට සමස්ථ විපක්ෂයේ තීරණය
    ඊළඟ පුව​ත 2050 වන විට හරිත ආර්ථිකයකට වැඩපිළිවෙළක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group