ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත් වුණා. එහිදී ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලදේශ කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකි වුණා. තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා විසින් දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 124 ක සබඳතාවක් පවත්වාගෙන යනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 58 ක් රැස් කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමටද සමත් වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ හය වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 124 ක් රැස් කර ගැනීමද විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 7ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
- අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
- තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි













