කොළඹ කොටුව සහ නවගමුව ප්‍රදේශයන්හි තිබී මෘත දේහයන් දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සියේ කොටුව පොලිස් වසමේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පුද්ගල මළ සිරුරක් ඇති බවට කොටුව පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව සිදු කරනු ලැබූ සොයා බැලීමකදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගයා වයස අවුරුදු 60ක් 70ක් පමණ වන අයෙක් බවත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසනවා.
මරණකරුගේ උස අඩි පහයි අඟල් 3ක් පමණ වූ තළෙලු සිහින් සිරුරක් හෙබි පුද්ගෙලයක් බවද පොලිසිය කියා සිටියා.
උඩු හා යටි රැවුල වැවී ඇති අතර දුඹුරු පැහැති කලිසමක් සහ කොළ පැහැයෙන් යුත් කමීසයක් හැද සිටින බවයි පොලිසිය කියා සිටියේ.
කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
එසේම නවගමුව, බෝමිරිය ප්‍රදේශයේ කැලණි ගඟෙහි තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසියට ලද පණිවුඩයක් අනුව අදාල මළ සිරුර සොයා ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකු බවත් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
මරණකරු සාමාන්‍ය සිරුරකින් හෙබි පුද්ගලයෙකු බවත් මෘත දේහය සම්බන්ධව නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.