නාවලපිටිය දෙකිඳ මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් අද(13) අලුයම් කාලයේදී ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
ත්‍රීරෝද රථයේ හිමිකරු නාවලපිටිය දෙකිඳ ප්‍රදේශයේ පින්කම් ගෙදරකට සහභාගි වී යළි යමින් සිටියදී අද(13) අලුයම දෙකිඳ මාර්ගයේ සුදු පාලම අසලදී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
ගින්නට හේතුව ත්‍රීරෝද රථයේ හටගත් ඉන්ධන කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.