ඊයේ දින ත්‍රිකුණාමලයප්‍රදේශයේ වූ සිද්දියක් සම්බන්දව ආනන්ද විජේපාල මහතා මර්ලිමෙන්තුවේ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක් ඇතිව තිබුණා.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝදිරාජ විහාරයේ පැවැති දහම් පාසල සුනාමි ව්‍යසනය නිසා විනාශයට පත්ව තිබුණා.
එය නැවත ආරම්බ කිරීම සදහා ඊයේ දින උදෑසන මුල් ගල් තැබීම සිදුව කර ඇති අතර සවස බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කර තිබුණා .
නමුත් මෙම ඉදිකිරිම අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබුණා .
එම පැමිණිල්ලට අදාළව පොලීසිය ස්වාමින්වහන්සේලට දැනුවත් කිරීමක් කළා .
පසුව ඊයේ රාත්‍රියේ එම බුදුපිළිමය ඉවත් කිරීමට පොලිසිය පිරවර ගෙන තිබුණා.ඒ අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාගෙන් සහ ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරොදයක් එල්ලවී තිබුණා.එම සිද්දීයට අදාලව ස්වාමින්වහන්සේ නමක් රෝහල් ගතවී තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ පටය නැරබීමට පහත link එක මගින් පිවිසෙන්න..










