අස්වැසුම තවත් ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසනවා .
එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, ලක්ෂ 6 ක පමණ ප්රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවයි .
මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදු වනවා.
විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බවයි කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ .