එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීමතලාව ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් සිදු කර තිබෙනවා.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, පුනරුද පුරවර 2025 පළාත් පාලන සතියට සමඟාමීව තලාව ප්‍රාදේශිය සභාව මගින් මහජන උපයෝගීතා දිනයට සමඟාමීව මෙලෙස එප්පාවල – තඹුත්තේගම මාර්ගය දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට තලාව ප්‍රාදේශිය සභා සභාපති කරුණාදාස දිසානායන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.
එම මාර්ගය දෙපස ඉතා පැරණි රූස්ස මාර ගස් රැසක් පවතින අතර, එම ගස් මාර්ගය ඉදි කිරීම ආරම්භයේ සිට පැවති ගස් බවත් වැඩිහිටියෝ පවසනවා.
එම ගස් රැසක් මේ වන විට දිරාපත් වෙමින් පවතින අයුරු මෙන්ම ඇතැම් ගස් වල අතු මාර්ගය දෙසට අනතුරුදායක ලෙස වැඩී ඇති අයුරුද දක්නට ලැබෙනවා.
මෙම ගස්වල ගැටී පසුගිය කාලයේ අනතුරු රැසක්ද සිදු වූ අතර, ආසන්නතම සිදුවීමක් ලෙස පොස්පේට් පැටවු ලොරි රථයක් මාර්ගයට නැමී ඇති ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළි ගොස් අනතුරක්ද සිදුව තිබෙනවා.
මෙම අනතුරු සැලකිල්ලට ගනිමින් මාර්ගයේ දෙපස ඇති අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම මෙලෙස තලාව ප්‍රාදේශිය සභාව, විදුලි බල මණ්ඩලය, දැව සංස්ථාව, එප්පාවල පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන කිහිපයක සහභාගිත්වයෙන් සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක මහතා,
“වත්මන් ආණ්ඩුව විසින් සමස්ත පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන සතියක් නම් කරලා තියෙනවා.
මේ පළාත් පාලන සතිය ඇතුළත අද දවසේ මහජන උපයෝගීතා දිනය හැටියට පහුගිය කාළයේ දැවැන්ත විදිහට අනතුරු සිදු වුණ මේ ගස් ඉවත් කිරීම සිද්ධ කරන්නේ.
එප්පාවල – තඹුත්තේගම මාර්ගයේ ගස් 20 කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා ඉතාමත් ජනතාවට දැඩි හානිකර තත්වයේ ගස් මේ ස්තානයේ දැන් ඉවත් කරපු ගහේ මීට මාසයකට පමණ ඉහතදී ලොරියක් ගැටිලා පෙරළිලා දවස් 03 ක් ඒ ලොරිය තිබුණා.
ඒ වගේ අනතුරු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රාදේශීය සභාවක් හැටියටත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, දැව සංස්ථාව, විදුලිබල මණ්ඩලය, පොලීසිය, මහවැලි අධිකාරිය මේ සියලු ආයතන ඒකාබද්ධ කරලා සම්බන්ධීකරණයක් හදලා මේ මාර්ග වල එහා මෙහා යන ජනතාවට සහ වාහනවලට ඉදිරියේදී අනතුරු නොවන විදිහට ජීවිත හා දේපල වලට හානි නොවන විදිහට මේ මාර්ග සියල්ලෙම අනතුරු සහිත ගස් සියල්ල ඉවත් කරලා ඉදිරියේදී අනතුරු සිදු නොවන තැනට පත් කරනවා”