තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
මේ අතර ඊයේ(25) පෙරවරු 8.30 සිට අද (26) පෙරවරු 2 දක්වා ලැබී ඇති වර්ෂාපතන අගයන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 127.5ක වර්ෂාපතනයක්ද දෙනියාය ප්‍රදේශයට මිලිමීටර් 100.5ක වර්ෂාපතනයක්ද උඩුගම ප්‍රදේශයට මිලිමීටර් 97.5ක වර්ෂාපතනයක්ද ලැබී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.