අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15 ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ සඳහා සියයට 15 ක බද්දක් අඩු කර ඇති බවද සඳහන්. තෘත් ශෝෂල් ගිණුමෙහි සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම ගිවිසුම ජපාන ආයෝජන ඩොලර් බිලියන 550 ක් අමෙරිකාව තුළ සිදු කිරීමට නියමිත බවයි. එමෙන්ම අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර, එය ජපානය සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට හේතුවක් වන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්













