
වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, ඊයේ දිනයේදී ඩෙංගු රෝගීන් 1,200 පමණ වාර්තා වී ඇති බවයි.
ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට මරණ 39 ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, මේතාක් ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.














