ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධ රැසක් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අද පෙරවරුවේ ගුවන් මගින් දිවයිනට රැගෙන එනු ලැබුවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටින බව පොලීසිය සදහන් කළා.
ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී ඩුබායි පොලිසිය මගින් ඔවුන්ව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.