ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බි්‍රතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින්.
ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.
“ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන්” ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස 26 වැනිදායි.
ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකදියි.
එහිදි ඩයනා කුමරිය විසින් භාවිතා කරන ලද අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව සැලසෙනු ඇති.