විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 13 දරන විනිමය පත්‍ර සංශෝධන පනත ලෙස බලාත්මක වනු ඇති.
විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුනා.
මෙම පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කර තිබෙනවා.
මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සැලසීම සහ චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන මෙම පනත තුලින් සැලසෙනු ඇති.
මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම ඇතුලත් වනවා.
ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම සහ ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබා දීම සදහා විධිවිධාන සැලසීම, වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීමද එම අංග සදහා ඇතුලත් වනවා.