දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල සවිකර ඇති කේබල් සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුළුණක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධව රඹුක්කන පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර තිබෙනවා.
ඒ අනුව ඊයේ(09) රඹුක්කන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13කට අධික ප්‍රමාණයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













