ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත එම වැටලීම සිදු කර තිබුනා.
ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බවයි පොලිසිය සදහන් කලේ.
අත්අඩංගුවට ගත් සැකකකරු 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවයි .
අදාළ ගිනිඅවි උපයෝගි කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු විසින් සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.











